ක්‍රයිස්ට්චර්ච් දෙදරාගිය පිපිරීම

Share Button

නවසීලන්තයේ ක්‍රයිස්ට්චර්ච් නුවර ගෑස් නලයක් පුපුරායාමෙන් දැඩි කලබලකාරී තත්ත්වයක් උද්ගත විය.

පිපිරීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලැබූ නමුත් එය ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව බලධාරීන්ගේ විශ්වාසය යි.

හිත්පිත් නොමැති කුරිරු ත්‍රස්තවාදියෙක් විසින් ක්‍රයිස්ට්චර්ච් නගරයේ ඉස්ලාමීය දේවස්ථාන ඉලක්ක කරමින් සිදුකළ ප්‍රහාරය සිවුමසක් ගත වී අවසන්ය.

51 දෙනෙකුට මරු කැදවමින් සිදුවූ අදාළ ප්‍රහාරයේ උණුසුම වියැකී යමින් පැවතියදී නගරයේ මධ්‍යෙය් සිදු වූ ප්‍රබල පිපිරීමකින් ජනතාව දැඩි සේ බියට පත්වීමේ පුවතක් විදෙස් මාධ්‍ය මෙසේ වාර්තා කර තිබුණි.

කලබලකාරී තත්ත්වය මදක් සමනය වෙද්දී කළ පරීක්ෂණවලින් මෙසේ පුපුරායන්නට ඇත්තේ ගෑස් නලයක් බවට සැකපළ කෙරෙයි.

ඉන් නගරයේ නිවෙසක් මුලුමනින්ම පාහේ ගින්නට හසු වූ නමුත් ඉන් කිසිදු ජීවිත හානියක් සිදුව නැත.

කෙසේ වෙතත් සිදුවීමෙන් පුද්ගලයින් කිහිපදෙනෙක් තුවාල ලබා ඇති අතර ඔවුන්ගෙන් හයදෙනෙක් රෝහල්ගතකිරීමට බලධාරීන් කටයුතු කළේය.

නවසීලන්ත ඉතිහාසයේ සිදුවූ කුරිරුතම ත්‍රස්ත ක්‍රියාව ලෙසින් සැලකෙන ක්‍රයිස්ට්චර්ච් ප්‍රහාරයෙන් පුද්ගලයින් 51දෙනෙක් මියගියේය.

ඉන් අනතුරුව නගරයේ දැවැන්ත ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කෙරුණු බැවින් ගෑස් නලය පිපිරීම පිළිබද වැඩිදුර පරීක්ෂණ පැවැත්වීඹට බලධාරීන් තීරණය කර ඇත.

කෙසේ නමුත් දැනට ලැබී ඇති තොරතුරුවලට අනුව මෙය කිසිසේත් ත්‍රස්ත ක්‍රියාවක් නොවන බව නවසීලන්ත බලධාරීන්ගේ මතයයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *