ඉන්දියාවේ model එක බලා ලංකාවේ ක්‍රිකට් උඩු යටිකුරු කරන්න හරීන් ගහන්න යන plan එක මෙන්න

Share Button

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම මැයි මාසයේ ලෝක කුසලානය සඳහා පිටත්ව යනවිට විශ්වාසයක් තමන් ඇතුළු සියලු දෙනා තුල තිබුනේ නැති බවත් කණ්ඩායමේ දක්ෂතා ඉතාමත් පහල මට්ටමක තිබූ බව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසනවා. නමුත් කණ්ඩායමේ නායකත්වය වෙනස් කර අලුත් දෙයක් කල අතර එය සිදුකලේ කිසිඳු ක්‍රීඩකයෙකුට අපහාසයක් සිදුකිරීමට නොවන බවත් අමාත්‍යවරයා පවසා තිබෙනවා.

එම නව සැලසුම අද වනවිට ජයග්‍රහණය කර ඇති බව පෙනෙන්නට තිබෙන බව අමාත්‍ය හරීන් වැඩිදුරටත් පවසනවා. ඒ අනූව ලසිත් මාලිංග අවමංගල්‍යයක් සිදුවී තිබුනත් ශ්‍රී ලංකාව වෙනුවෙන් සිය කණ්ඩායමට විශාල ගෞරවයක් ලබාදීමට හැකියාව ලැබී තිබෙන බවත් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පවසා තිබෙනවා.

මේ අතර ශ්‍රී ලංකාවට වඩා දක්ෂ කණ්ඩායම් ලෝක කුසලානයෙන් විසිවී ගොස් තිබෙන නිසා මේ තැන සිට ශ්‍රී ලංකාව හදාගැනීම සිදුකල යුතු බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන්නේ. පුහුණුකරුවන්ට , තේරීම් කාරක සභාව සහ කණ්ඩායමට අවුරුදු දෙකක කාලයක් ලබාදී ඇති ගැටලුකාරී තත්ත්වයන් මිදීමට හැකියාව ඇති බවත් කණ්ඩායමේ හොඳ ක්‍රීඩකයින් 7-8 දෙනෙක් මේ වනවිට සිටින බවත් ඉතුරු ක්‍රීඩකයින්ගේ වෙනස සඳහා හොඳ දෙයක් කරමින් ක්‍රිකට් උඩු යටිකුරු කිරීමට සූදානම් බවයි අමාත්‍යවරයා පවසන්නේ. ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ සංයුතිය බලා අප ඉදිරියට යෑමට සූදානම් විය යුතු බව ක්‍රීඩා අමාත්‍යවරයා පවසා සිටියා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *