හේමසිරි ප්‍රනාන්දු දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරයි

Share Button

හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර තිබේ.

හදිසි හෘද්‍යාබාධයක් හේතුවෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා මෙලෙස දැඩි සත්කාර ඒකකය වෙත ඇතුළත් කර ඇති බව වාර්තා වෙයි.

පොලිස්පති පූජිත් ජයසුන්දරට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දුට අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබුණි

පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතාගෙන් කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කළේ අද(02) පෙරවරුවේ ඔවුන්ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දි ඇති බවයි.

පාස්කු ඉරු දින ප්‍රහාරවලින් සිදුවූ මනුෂ්‍ය ඝාතන හා ප්‍රබල දේපල හානී සම්බන්ධයෙන් අදාළ තැනැත්තන් දෙදෙනාට සාපරාදී වගකීමක් ඇති බවට විමර්ශනවලින් අනාවරණය වී තිබේ.

ඒ අනුව ඔවුන් සැකකරුවන් වශයෙන් නම් කර අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට පසුගිය බ්‍රහස්පතින්දා දැනුම් දී තිබු බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතීඥ නිෂාරා ජයරත්න මෙනවිය සදහන් කළේය.

ඊයේ දිනය වන තෙක් ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් නීතිපතිවරයා විසින් කරුණු විමසීම සදහා යළිත් වැඩබලන පොලිස්පතිවරයා වෙත ඊයේ යළි ලිපියක් යොමුකර තිබුණා.

එමගින් දක්වා තිබුණේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ ප්‍රතිපාදනවලට අනුව ඔවුන්ගෙන් ප්‍රකාශ වාර්තා කර සැකකරුවන් ලෙස නම් කර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර කරුණු වාර්තා කරන ලෙසයි.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *