අපි හිටියේ Negative MInd එකක, එකයි තරඟය පරාද වුණේ

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තරගය පරාජය වීමට ප්‍රධාන හේතුව පිතිකරුවන් අනවශ්‍ය පීඩනයකින් ක්‍රීඩා කිරීම බව ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න පවසනවා.

තරගයෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී දිමුත් වැඩි දුරටත් මෙසේ ද පැවසුවා.

“අවිෂ්ක සහ කුසල් හොඳින් පන්දුවට පහර දෙමින් පෙන්නුවා මේ තණතීරුවේ පන්දුවට පහර දෙන්නෙ කොහොමද කියලා. අපිට ඒ සම්බන්ධතාවයෙන් හොඳ අවස්ථාවක් තිබුණා. ඔවුන් දෙදෙනා කිසිඳු බයකින් තොරව ක්‍රීඩා කිරීමෙන් ලකුණු ආවා”

“අවිෂ්ක දැවී යෑමෙන් පසුව දකුණු අප්‍රිකානු කණ්ඩායම පන්දු රකින්නො පිතිකරු ආසන්නයේ රදවලා අපේ පිතිකරුවන්ගෙන් වැරදි වෙන්න පීඩනය වැඩි කළා. නමුත් ඒ පිඩනය පාලනය කරන්න අපිට බැරි වුණා”

“පීඩනය පාලනය කරන්නෙ කොහොමද කියලා මැද ඉන්න පිතිකරුවන් දැනගන්න ඕනේ. එය කොහොමද කරන්නේ, මොකද කරන්නෙ කියලා ඔවුන් තීරණය කරන්න ඕනේ”

“පහරක් දෙකක් ගහලා පන්දු රකින්නන් පස්සට තල්ලු කරනවාද කියලා තීරණය කරන්න ඕනේ. නමුත් ඒක වුණේ නෑ. ඒ නිසා පීඩනය වැඩි වුණා”

“ඔවුන් හොඳින් පන්දු යැව්වා. ඒත් මම හිතන්නේ අපි අනවශ්‍ය පීඩනයක් දා ගත්තා. අපි අවදානමක් අරගෙන පාරක් දෙකක් ගහලා පීඩනය පාලනය කළ යුතුයි. අපි ඔවුන්ට ඒ දේ කළා. නමුත් ඔවුන් බය නැතුව පහරවල් ගැහුවා. පහරක් දෙකක් ගහනකොට අපි පන්දු රකින්නන් පස්සට දැම්මා”

“අපේ ක්‍රීඩකයො ගොඩක් කල් ක්‍රීඩා කරපු අය. ඔවුන්ට අවබෝදයක් තියෙන්න ඕනේ පීඩනය අවස්ථාවේදී මොකද කරන්න ඕනේ කියලා. ඒ තීරණය ගත්ත නම් මේ පරාජය ලබන්නේ නෑ”

“තව දෙකක් තමයි පිතිකරුවන් කඩුල්ලේ ස්ථාවර වුණ ගමන්ම කඩුල්ල විසි කළා. ඒකෙන් තමයි ලොකු අපරාදයක් වුණේ. ඉන් පසුව නව පිතිකරුවෙක් ඇවිත් ස්ථාවර වෙන්න තවත් වෙලාවක් යනවා. ඒ දේ තමයි මේ තරගයේ වුණේ”

“අපේ පිතිකරුවන්ට අන්තය මාරුකරගැනීම කියන දේ කරගන්න බැරි වුණා. ඉනිම පුරාවටම ‘ඩොට් බෝලස්’ තියෙනවා. එහෙම වෙන විට සියලු දෙනාටම පීඩනයක් එනවා. ඒවා තමයි අපි හදාගත යුත්තේ”

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *