SLASSCOM ශ්‍රී ලංකාව සඳහා කෘතිම බුද්ධි ජාතික සැලසුම් රාමුවක් හඳුන්වාදෙයි

Share Button

ශ‍්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය (Sri Lanka Association of Software and Services Companies – SLASSCOM) විසින් පසුගියදා ශ‍්‍රී ලංකාව සඳහා කෘත‍්‍රිම බුද්ධි (AI)ජාතික සැලසුම් රාමුවක් හඳුන්වා දෙන ලදි. 2019 ජූනි මස 26 වනදා කොළඹ ෂැංග‍්‍රි-ලා හෝටලයේදී පැවති උත්සවයකදී මෙය එළිදැක්වීම සිදුකෙරිණි. ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (Information and Communication Technology Agency of Sri Lanka – ICTA) සහ විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය සමග එක්ව නිර්මාණය කරන ලද මෙම වැඩසටහන් රාමුව මගින්, ශ‍්‍රී ලංකාව විසින් කෘත‍්‍රිම බුද්ධි හා රොබෝ තාක්ෂණයන් සිය පුරවැසියන්ගේ යහපත උදෙසා භාවිතා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් පැහැදිලි මගපෙන්වීමක් ලබාදෙයි.

21 වන සියවස තුළදී දැනටමත් පුද්ගලයන්, සමාගම් හා රජයන් ඇතුළු විවිධ පාර්ශ්ව වල දායකත්වය නිසා නවීන තාක්ෂණයන් වේගයෙන් දියුණු වෙමින් පවතී. මෙහිදී කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණයන්ගේ වර්ධනය බෙහෙවින් කැපීපෙනෙන අතර එහි බලපෑම දැනටමත් ක්ෂේත‍්‍ර රැුසක වෙනස්කම් සිදුකිරීමට සමත් වී ඇත. මේ නිසාම එය අනාගත ආර්ථික සංවර්ධනයේ තීරණාත්මක සාධකයක් ලෙස මේ වනවිට සැලකේ. කෙසේ වුවද හුදෙක් ආර්ථික සංවර්ධනයෙන් නොනැවතී ලොව හමුවේ ඇති අභියෝග රැුසකට විසඳුම් සැපයීම සඳහා පෙර නොවූ විරූ අවස්ථාවක් දැන් උදාවී ඇත.

ශ‍්‍රී ලංකාවේ සතු හැකියාව සහ ශක්තිය දෙස බලන විට, කෘත‍්‍රිම බුද්ධිය සම්බන්ධ ප‍්‍රතිපත්ති, පර්යේෂණ හා ක‍්‍රියාත්මක කිරීම් සම්බන්ධයෙන් දකුණු ආසියානු කලාපයේ ප‍්‍රමුඛයෙකු ලෙස ඉදිරියට පැමිණීමට මෙරටට හැකියාව පවතී.

මෙම සැලැස්ම මගින් විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශය, ශ‍්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය සහ විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව යන රාජ්‍ය ආයතන අතරද, ශ‍්‍රී ලංකා මෘදුකාංග හා සේවා සමාගම් සංගමය, ශ‍්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත මණ්ඩලය සහ ශ‍්‍රී ලංකා රාජ්‍ය නොවන උසස් අධ්‍යාපන ආයතන සංගමය යන පෞද්ගලික අංශයේ පාර්ශ්ව අතරද හවුල්කාරීත්වයක් යෝජනා කරයි. ඉදිරි මාස 6 ක කාලය තුළ මේ සම්බන්ධයෙන් විවාද හා යෝජනා සඳහා අවස්ථාව ලබාදී ඇති අතර මෙම කාලය තුළ SLASSCOM මගින් මෙම වැඩසටහන් රාමුව තවදුරටත් දියුණු කිරීමට නිමිත ය.

වගකීම්සහගත කෘත‍්‍රිම බුද්ධි සංවර්ධනයේ ප‍්‍රධාන අංග 3 වන විනිවිදභාවය (Transparency), තමන්ට පෙර රට (Nation before self) සංකල්පය සහ දත්ත පදනම් කරගත් නිර්දේශයන් (Data-driven recommendations) යන මාර්ගෝපදේශ මූලික කරගනිමින්, අධ්‍යාපනය, තාක්ෂණය, ආචාරධර්ම, ප‍්‍රමිතිකරණය සහ ප‍්‍රතිපත්ති යන අංශ ඔස්සේ බහුතල ප‍්‍රවේශයක් ලබාගැනීම මෙම වැඩසටහන් රාමුව මගින් යෝජනා කරයි. එහි අරමුණ පහත සඳහන් ඉලක්ක සපුරාගැනීම වේ.

x රාජ්‍ය හා පෞද්ගලික අංශ වල දැනුම සහ නව තාක්ෂණයන්ට අනුකූලව හැඩගැසීමේ හැකියාව පුළුල් කිරීම

x කෘත‍්‍රිම බුද්ධිය සම්බන්ධයෙන් සාධාරණ තරග බිමක් නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය නීතිරීති හඳුන්වා දීම

x කෘත‍්‍රිම බුද්ධි දේශයක් බවට පත්වීම සඳහා පුද්ගලයන් සහ සමාජය වඩාත් හොඳින් සූදානම් කරවීම

x කෘත‍්‍රිම බුද්ධිය යහපත සාක්ෂාත් කරන උපාංගයක් ලෙස හඳුන්වා දීම

x කෘත‍්‍රිම බුද්ධිය සම්බන්ධ මූලධාර්මික සහ ප‍්‍රායෝගික පර්යේෂණ දිරිගැන්වීම

x කෘත‍්‍රිම බුද්ධිය සම්බන්ධ සුවිශේෂී අවස්ථා හඳුනාගැනීම

x ලොව ප‍්‍රමුඛ පෙළේ තාක්ෂණ හා කෘත‍්‍රිම බුද්ධි සමාගම් මෙරටට ආකර්ෂණය කරගැනීම

අධ්‍යාපනය, රාජ්‍ය පාලනය, කෘෂිකර්මාන්තය සහ සෞඛ්‍ය සේවය යන අංශ සම්බන්ධයෙන් කෘත‍්‍රිම බුද්ධිය යොදාගත හැකි ආකාරය පිළිබඳව මෙම වැඩසටහන් රාමුව මගින් පැහැදිලිව පෙන්වා දෙයි. එය දැනට පවතින ක‍්‍රමවේදයන්ගේ අඩුපාඩු පෙන්වා දෙන අතරම, නව විසඳුම්, ක‍්‍රමෝපායන් සහ ප‍්‍රතිපත්ති යෝජනා කරයි.

අධ්‍යාපනය ක්ෂේත‍්‍රය තුළ කුසලතා සංවර්ධනය සම්බන්ධයෙන් ඇති අවශ්‍යතාව කෙරෙහිද මෙහිදී අවධානය යොමුවන අතර, ජාතික මට්ටමින් අධ්‍යාපන පද්ධතිය තුළ කෘත‍්‍රිම බුද්ධිය භාවිතා කිරීම පිළිබඳව සාකච්ඡුා කෙරේ. කාර්මික හැකියාවන් වර්ධනය කරමින් ආර්ථික සංවර්ධනය ළඟාකරගැනීම සඳහා කෘත‍්‍රිම බුද්ධියේ දායකත්වය හිමි රාජ්‍ය ප‍්‍රතිපත්ති මාලාවක් උදෙසා මූලධාර්මික හා ප‍්‍රායෝගික පර්යේෂණ වෙනුවෙන් වැඩි ආයෝජනයන් සිදුකිරීමේ වැදගත්කමද එමගින් පෙන්වා දෙනු ලැබේ. කෘෂිකර්මාන්තය තුළදී අස්වනු වැඩිකර ගැනීම සඳහා කෘත‍්‍රිම බුද්ධිය සහිත පුරෝකථන ක‍්‍රමවේද භාවිතා කළහැකි බව එය පෙන්වා දෙයි. කෘත‍්‍රිම බුද්ධිය පදනම් කරගත් ඡුායාරූපකරණ ක‍්‍රමවේද භාවිතා කිරීම සහ, සායනික අත්හදා බැලීම් හා සැත්කම් පවා ස්වයංක‍්‍රීය ක‍්‍රමවේදයකට යටත් කිරීම මගින් ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවය තුළ පවතින ඇතැම් ගැටලූ විසඳිය හැකි බව එය වැඩිදුරටත් දක්වයි.

මෙම වැඩසටහන් රාමුව එළිදැක්වීමේ අවස්ථාවේදී අදහස් දක්වමින් ජීවන් ඥානම් මහතා අවධාරණය කළේ මෙම තාක්ෂණ පෙරළියේ ඉදිරියෙන්ම සිටීම අතිශයින් වැදගත් බවයි. එමෙන්ම තරගකාරීත්වය පවත්වාගනිමින් තවදුරටත් එහි වර්ධනයට දායක වීම සඳහාද ඒ මහතා රාජ්‍ය හා පෞද්ගලික අංශ දිරිමත් කළේ ය.

‘‘යාන්ත‍්‍රික ඉගෙනුම් හැකියාවන් (Machine Learning capabilities) වැඩිදියුණු වන පසුබිමක ලොව පුරා රජයන් කෘත‍්‍රිම බුද්ධි තාක්ෂණ පර්යේෂණ වෙනුවෙන් තවතවත් ආයෝජන සිදුකරමින් සිටිනවා. මෙවැනි තත්ත්වයක් යටතේ මෙම වැඩසටහන් රාමුව නිර්මාණය කිරීමට දායක වීමට හැකිවීම සතුටක්. ශ‍්‍රී ලංකාව කෘත‍්‍රිම බුද්ධියේ තරගකාරීත්වය වෙත ඔසවා තැනීම සඳහා අවශ්‍ය ක‍්‍රමෝපායන් හා යෝජනාවන් පිළිබඳ නිර්දේශයන් අප මෙහි දක්වා තිබෙනවා.” ඥානම් මහතා වැඩිදුරටත් පැවසී ය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *