Tue. Jan 25th, 2022
Share Button

බංගලාදේශ සමග පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියට පසු පැවැත්වීමට නියමිත එංගලන්ත සහ ඉන්දීය එක්දින තරගාවලි සඳහාද ජේෂ්ඨ ක්‍රීඩකයන්ගේ සම්බන්ධ කර නොගැනීමට තේරීම් කමිටුව තීරණය කොට තිබේ.

ඒ බැව් ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතාගේ සභාපතිත්වයෙන් යුත් ක්‍රිකට් තේරීම් මණ්ඩලය අදාල ක්‍රිකට් ක්‍රීඩකයන් වෙත දැනුම් දී තිබේ.

මෙසේ දැනුම් දීමට ලක් වූ ක්‍රීඩකයන් වන්නේ දිමුත් කරුණාරත්න , ඇන්ජලෝ මැතිව්ස් , දිනේෂ් චන්දිමාල් සහ සුරංග ලක්මාල් යන ජේෂ්ඨ ක්‍රීඩකයන් 4 දෙනාය.

මේ ක්‍රීඩකයන් 4 දෙනාම ශ්‍රී ලංකා එක්දින ජාතික ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය දැරූ ක්‍රීඩකයන්ද වන අතර ඔවුන් වයස අවුරුදු 30 – 35ත් අතර සිටි.

ඔවුන් 4 දෙනා ශ්‍රී ලංකා ජාතික  එක්දින ක්‍රිකට් කණ්ඩායමේ සැලසුම් අතර සිටින බවත් එහෙත් එළඹෙන එක් දින එක්දින තරඟාවලි 3 දී තරුණ ක්‍රීඩකයන්ගෙන් සමන්විත කණ්ඩායමකට අවස්ථාවදී යුතු බව තේරීම් කමිටුව තීරණය කොට ඇති බව අදාල ක්‍රීඩකයන් වෙත වික්‍රමසිංහ මහතා දන්වා තිබේ.

ශ්‍රී ලංකා එක්දින ක්‍රිකට් කණ්ඩායමේ නව නායකයා ලෙස තේරීම් කමිටුව කුසල් ජනිත් පෙරේරා පත්කොට තිබෙන අතර ඉදිරි එක්දින ක්‍රිකට් තරගාවලි 3 ම ඔහුගේ නායකත්වයෙන් යුත්  තරුණ කණ්ඩායමට අවස්ථාව දීමට තේරීම් කමිටුව තීරණය කොට තිබේ.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *