ලෝක කුසලාන තරගාවලියට සිවුවැනි වරටත් වැස්ස හරහට

Share Button

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට යළිත් බාධා ගෙන දුන් වර්ෂාව හේතුවෙන් ඊයේ ඉන්දියාව සහ නවසීලන්තය අතර නොටිංහැම්හි ට්‍රෙන්ට්බ්‍රිජ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව තිබු 18 වැනි තරගයත් අත්හැර දැමීමට සිදුවිය.

ඊයේ මෙරට වේලාවෙන් පස්වරු 3.00ට තරගය ආරම්භ වීමට නියමිතව තිබූණත් රාත්‍රි 7.30 වනවිටත් කාසියේ වාසිය උරගා බැලීමට හෝ අවස්ථාවක් නොලැබිණි. ඒ හේතුවෙන් තරගය අත්හැර දැමීමට විනිසුරුවෝ කටයුතු කළහ.

මේ සමගින් දෙපිලටම ප්‍රසාද ලකුණක් බැගින් හිමිවූ අතර නවසීලන්තය තවමත් අපරාජිතව පෙරමුණේ පසුවෙයි. සිවුවැනි ස්ථානයේ පසුවූ ඉන්දියා ඊයේ හිමිවූ ප්‍රසාද ලකුණත් (5) සමගින් තෙවැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණියේය.

මෙලෙස වර්ෂාව බාධා වූ සිවුවැනි තරගය මෙය විය. මින් පෙර ශ්‍රී ලංකාව සහ පාකිස්තානය, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් තරග සමගින් ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයද වර්ෂාවෙන් සේදී ගියේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *