ඉන්දියාව හමුවේ අසීරු කඩුල්ලක්

Share Button

ලෝක කුසලන තරගාවලියේ ආරම්භයේ සිටම අසීරු තරග වලට මුහුණ දෙමින් සිටින නවසීලන්තය අද (13 වැනිදා) තවත් කඩුල්ලක් පැනීමට සූදානම් වෙයි. මේ වන විට ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළින්ම සිටින නවසීලන්තය සහ ඉන්දියාව අතර තරගය අද නොටිංහැම්ෂයර් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි.

සංසන්දනාත්මකව බැලූ කල්හි තරමක් කුඩා ක්‍රීඩාංගණයක් වන නොටිංහැම්ෂයර් ක්‍රීඩාංගණයේදී වැඩිපුර හයේ පහර සංඛ්‍යාවක් බලාපොරොත්තු විය හැක්කේ ඉන්දීය පිලේ මෙන්ම නවසීලන්ත කණ්ඩායමේත් හොඳ ප්‍රහාරකයන් සිටින බැවිනි

කෙසේ වෙතත් අද තරගයේදී ඉන්දීය පිලට ෂිකාර් ධවාන්ගේ සේවය අහිමි වී තිබේ. සති දෙකක පමණ කාලයක් ක්‍රීඩා කළ නොහැකි ෂිකාර් ධවාන් වෙනුවට, අවශ්‍ය වුවහොත් කණ්ඩායමට කැඳවීම සඳහා, රිෂාබ් පන්ට් එංගලන්තයට කැඳවා ඇතත් අද තරගයේදී රිෂාබ් ඉන්දීය පිල වෙනුවෙන් ක්‍රීඩා නොකරයි.

මේ වන විට ලෝක කුසලාන තරගාවලියේ කැපී පෙනෙන දස්කම් පෙන්වමින් සිටින ඉන්දීය කණ්ඩායම සහභාගි වූ තරග දෙකම පහසුවෙන් ජයගැනීමට සමත් වූයේය. ඉන්දියානුවන් අද සොයා යන්නේ තමන්ගේ තුන්වැනි ජයග්‍රහණයයි.

“ෂිකාර් වගේ වටිනා ක්‍රීඩකයකුට ආබාධයක් ඇතිවූ පමණින් ඔහු ගෙදර යවන්න අපි සූදානම් නෑ. අපි ටික දවසක් එයාව තියාගෙන බලනවා” යයි ඉන්දීය පුහුණු කණ්ඩායමේ සාමාජික සන්ජේ බන්ගාර පැවසීය.

අද තරගයේදී ෂිකාර් ධවාන්ගේ ස්ථානයට ලෝකේෂ් රාහුල් පිවිසෙනු ඇත. රාහුල් ආරම්භක පිතිකරුවාගේ ස්ථානයට පැමිණීම නිසා මැද පෙළ හිදැසක් ඇතිවන බැවින් තවත් පිතිකරුවකුට කණ්ඩායමට ඇතුළත් වීමේ අවස්ථාවක් තිබේ.

මේ අතර නවසීලන්ත ක්‍රීඩක රොස් ටේලර් පවසන්නේ ලෝක කුසලාන තරගාවලියේ ඉදිරියට යන කණ්ඩායම කවුරුන්ද යන්න තවමත් අනාවැකි කිව නොහැකි බවයි.

“අපි මෑත කාලයේදී ඉන්දියාව සමග කීප වතාවක්ම තරග කළා. ඇතැම් අවස්ථාවල සාර්ථකත් වුණා….ඔවුන් එක්ක ඉතාමත් හොඳ දඟ පන්දු යවන්නන් ඉන්නවා. ඔවුන් හමුවේ සාර්ථක වෙන්න අපටත් අවස්ථාව තියෙනවා” යයිද රොස් ටේලර් පැවසීය.

අද තරගයේදී ක්‍රීඩා කළ හැකි යයි අනුමාන කෙරෙන ඉන්දීය කණ්ඩායම
රෝහිත් ෂර්මා, ලෝකේෂ් රාහුල්, විරාට් කෝලි, දිනේෂ් කාර්තික්, කේදර් ජාදව්, මහේන්ද්‍ර සිං දෝනි, හර්දික් පාණ්ඩ්‍යා, බුවනේෂ්වර් කුමාර්, කුල්දිප් යාදව්, ජස්ප්‍රීට් බුම්රා සහ යුෂ්වේන්ද්‍ර චාහල්

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *