Sun. Dec 5th, 2021
Share Button

ඇන්ටිජන් සහ පී සී ආර් පරීක්ෂණ සඳහා ස්ථාවර මිලක් අයකරන ලෙස එම පරීක්ෂණ සිදුකරන ආයතන දැනුවත් කිරීමට පියවර ගන්නා බව සමුපකාර සේවා, අලෙවි සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ අමාත්‍යාංශය පවසනවා.

එම පරීක්ෂණ සදහා පුද්ගලික අංශයේ ආයතන වැඩි මිලක් අයකරන බවට පැමිණිලි ලැබී ඇති බව එම අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකදී අනාවරණ වී තිබෙනවා.

එහිදී පී සී ආර් පරීක්ෂණයක් රුපියල් 6 දහසකටත්, ඇන්ටිජන් පරීක්ෂණයක් සදහා රුපියල් එක් දහස් 750ක මුදලක් අය කරන ලෙසත් එම ආයතනවලට උපදෙස් දීමට තීරණය වූ බව සදහන්.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *