සමාජ ජාල මර්ධනයට එරෙහිව විරෝධතා

Share Button

Facebook සමාජ ජාල වෙබ් අඩවියත් Viber, Whats-app, imo යන අන්තර්ජාල යෙදුම්, දින නියමයක්‌ නොමැතිව තවදුරටත් අවහිර කර ඇතැයි ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව පවසයි.

ලබන සඳුදා පැවැත්වීමට නියමිත සාකච්ජාවකින් අනතුරුව මෙකි අවහිරතාව ඉවත් කිරිමට කටයුතු කරනු ඇති බව ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ උසස් නිලධාරියෙකු මාධ්‍යය වෙත ප්‍රකාශ කර තිබේ.

කෙසේවෙතත් ආරක්ෂක පියවරක් ලෙස සමාජ ජාලා සඳහා පනවා තිබු තහනම 10 වෙනිදායින් ඉවත් කරන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පසුගිය (09) වැනිදා ප්‍රකාශ කර ඇති අතර පැය 72ක කාලයක් සඳහා ක්‍රියාත්මක කරීමට නියමිතව තිබුණා යැයි පැවසෙන තහනම මේ මොහොත වනවිටත් ක්‍රියාත්මකය.

අනවශ්‍ය පරිදි සමාජ ජාල මර්ධනය කිරීමට විරුද්ධව සමාජ ජාල ක්‍රියාකාරී කණ්ඩායම් අද උදෑසන 10ට ලේක් හවුස් වටරවුමෙදී සහ සවස 3ට නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී එක්ව සාමකාමී විරෝධතාවයක නිරතවූ ද බව වාර්තාවේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *