ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවට සහභාගී වීම සදහා ජනපති ඉන්දියාවට

Share Button

ඉන්දියාවේ නවදිල්ලි නුවරදී අද (11) ආරම්භවීමට නියමිත ජාත්‍යන්තර සූර්ය බලශක්ති එකමුතුවේ සමාරම්භක උළෙලට සහභාගී වීම සදහා ඉන්දියාව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (10) පස්වරුවේ නවදිල්ලි නුවර ඉන්දිරා ගාන්ධි ජාත්‍යන්තර ගුවන් තොටුපළින් එරටට ළගාවිය.

එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ බටහිර කොට්ඨාශය භාර ලේකම් රුචිගන් ෂාම් මහත්මිය විසින් ගුවන් තොටුපළේදී ජනාධිපතිතුමා මහත් හරසරින් යුතුව පිළිගනු ලැබූ අතර ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් තරංජිත් සිං මහතා සහ ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් චිත්‍රාංගනී වාගීෂ්වර මහත්මිය ද ඒ අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපතිතුමා නවාතැන් ගන්නා ටාජ් හෝටලයේදී ද තානාපති කාර්ය මණ්ඩලය විසින් ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් චාම් උත්සවයක් සූදානම් කර තිබිණි.

ජනාධිපතිතුමාගේ මෙම දෙදින නිල සංචාරය සදහා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ද එක්ව සිටි.

ඡායාරූප : චන්දන පෙරේරා – ජනාධිපති මාධ්‍ය අංශය

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *