චීනයෙන් තායිවානයට අනතුරු ඇඟවීමක්

Share Button

කිසිදු බෙදුම්වාදී ක්‍රියාවක් නොඉවසන බවත් තම රටේ භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කිරීමට ක්‍රියාමාර්ග ගන්නා බවත් චීන අගමැති ලී කෙකියෑන්ග්ගෙන් අද (05) තායිවානයට අනතුරු ඇඟවීමක් සිදුවිය.

ස්වයං පාලනයක් සහිත තායිවානය නැවත චීනයට එකතු කරගැනීමේ අරමුණින් කටයුතු කරන චීන අගමැතිවරයා පාර්ලිමේන්තුවේ වාර්ෂික සැසිවාරය අමතමින් අද මෙලෙස අනතුරු ඇඟවා තිබේ.

ඇමෙරිකාව සහ තායිවානය අතර නිල සාකච්ඡා වැඩි කිරීම සඳහා ඇමෙරිකා එක්සත් ජනපදය පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමටත් චීනයේ දැඩි කෝපයට හේතුවිය.

“අපි නිරන්තරයෙන් අපේ රටේ ස්වෛරීත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් කටයුතු කරනවා. භෞමික අඛණ්ඩත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. අපි අපේ දේශසීමා ආරක්ෂා කිරීම වෙනුවෙන් කටයුතු කරනවා. නිදහස යැයි පවසමින් කරන කිසිදු බෙදුම්වාදී ක්‍රියාවකට අපි ඉඩ තබන්නේ නැහැ” යැයි 3,000කට ආසන්න නියෝජිතයන්ගේ අත්පොළොසන් මැද චීන අගමැතිවරයා කීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *