පිදෙල් කස්‌ත්‍රොගේ වැඩිමහල් පුත්‍රයා දිවි නසා ගනියි

Share Button

කියුබාවේ අසහාය නායකයාව සිටි පිදෙල් කස්‌ත්‍රොගේ වැඩිමහල් පුත් එන්ජල් කස්‌ත්‍රො ඩයස්‌ බැලට්‌ සියදිවි නසාගෙන ඇත.

කියුබාවේ ග්‍රැන්මා පුවත්පත පැවසුවේ කස්‌ත්‍රොaගේ වැඩිමහල් පුත්‍රයා කලක්‌ තිස්‌සේ අසහනකාරී තත්ත්වයේ පසු වූ බවත් මේ නිසා ඔහුට රෝහල්ගත කර ප්‍රතිකාර ලබාදී ඇත.

ග්‍රන්ථ රැසක කතුවරයා වූ කස්‌ත්‍රොaගේ පුත්‍රයා සියදිවි නසාගෙන ඇත්තේ කෙසේ දැයි ග්‍රැන්ටා පුවත්පත හෙළි කර නැත.

පිඩෙලිටෝ නමින් හඳුන්වන පිදෙල් එන්ජල් කස්‌ත්‍රොaගේ පියා වූ පිදෙල් කස්‌ත්‍රොa 2016 දී මියගියේය. එන්ජල් කස්‌ත්‍රො කියුබාවේ න්‍යෂ්ටික වැඩසටහන භාරව ක්‍රියා කළ අතර පියා සමඟ අර්බුදයක්‌ ඇති කරගෙන තිබූ බවත් වාර්තා වී තිබුණි. 1949 වසරේ උපන් එන්ජල් කස්‌ත්‍රො මිය යනවිට 70 හැවිරිදි වියේ පසු විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *