ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට පාසල් සිසුන්ට අවස්ථාවක්

Share Button

වයස අවුරුදු 11 සිට 12 දක්වා වූ වයස් කාණ්ඩයේ පාසල් සිසුන්ට ඩිජිටල් තාක්ෂණය ඉගෙනීමට හා අත්හදා බැලීමට අවස්ථාවක් සැලසීමේ අරමුණින් පාසල් 100කට මූලික IoT (Internet of Things) පුහුණු කට්ටල ලබා දීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබෙන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (03)පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.

මේ යටතේ තෝරාගත් පාසල් 100ක් සඳහා BBC මයික්‍රො බිට් උපකරණ 04 ක්, Sensor කිහිපයක්, ආරෝපණ උපකරණයක් (Charger), Raspberry P i3 පරිගණකයක් ඇතුළත් පුහුණු කට්ටල 20ක් බැගින් ලබා දී ඇත.

මෙම ව්‍යාපෘතිය සඳහා අවශ්‍ය දෘඩාංග සැපයීම සහ අවශ්‍ය පුහුණුව ලබා දීම සඳහා වන කොන්ත්‍රාත්තුව, අමාත්‍යාංශ ප්‍රසම්පාදන කමිටුවේ නිර්දේශය පරිදි රුපියල් මිලියන 99.21 මුදලකට Orel Corporation ආයතනය වෙත සෘජු කොන්ත්‍රාත්තුවක් වශයෙන් පිරිනැමීම පිණිස විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන තිබෙන බව අමාත්‍යතුමන් වැඩි දුරටත් කියා සිටියා.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *