වරාය නගරය ජාත්‍යන්තර මූල්‍ය නගරයක් වෙයි

Share Button

කොළඹ, ජාත්‍යන්තර මූල්‍ය නගරය සංවර්ධන ව්‍යාපෘතිය වර්ෂ 2020 වනවිට සියලු යටිතල පහසුකම් ස්ථාපිත කර අවසන් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමත්‍යවරයා මේ බව පවසා සිටියේ ව්‍යාපෘතියේ නිරීක්ෂණ චාරිකාවක් සදහා ඊයේ (02) සහභාගිවෙමිනි.

ජනතාවට සෑම පහසුකමක්ම ලබාදෙන විශාල උද්‍යානයක්ද වරාය නගරය තුළ ස්ථාපිත කිරීමට නියමිත බවද හෙතෙම එහිදී සඳහන් කළේය. 

එම අවස්ථාවට මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලි චම්පික රණවක, මුදල් රාජ්‍ය අමාත්‍ය එරාන් වික්‍රමරත්න,  ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හර්ෂ ද සිල්වා යන අමාත්‍යවරුන් ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් සහභාගීව සිටියහ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *