සතොසින් අත්‍යාවශ්‍ය භාණ්ඩ බෙදන්න ජංගම සේවාවක්

Share Button

ජනතාවට සහන සැලසීමේ අරමුණින් සතොස ජංගම වෙළඳ රථ මඟින් අත්‍යාවශ්‍ය භාණ්ඩ ගම් මට්ටමින් අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇති බව කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදීයුර්න් මහතා පවසයි.

සහල් ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක් සහන මිලට සතොස ජංගම වෙළඳ රථ මඟින් ජනතාවට ලබා දීමේ වැඩසටහනක් ජනපති හා අගමැතිගේ උපදෙස් මත පසුගිය (23) වෙනිදා දිස්ත්‍රික්ක කිහිපයකදී ආරම්භ කළ බවත් ඉදිරියේ දී දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරයි.

මූලික අදීයරේදී ජංගම වෙළඳ රථ 50ක් යොදවා ඇති අතර දිවයින පුරා ඇති සතොස වෙළඳ මධ්‍යස්ථාන 370ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත් ඒ තුලින් ජීවන වියදම අඩුකිරීමට හැකිවන බවත් අමාත්‍යවරයා එහිදී පෙන්න්වදුන්නේය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *