උදාරි – සංගීත් විවාහය දෙදරා යයි

Share Button

ජනප‍්‍රිය රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යා උදය කුමාර් රංගන ශිල්පි සංගීත් සතරසිංහ කලක් පුංචි තිරයේ දී පෙම්වතුන් වූවා. මීට වසර 02කට පෙර ඔවුන් විවාහ දිවියට ඇතුළත් වුණා.

කෙසේ වුවත් මේවන විට උදාරිගෙයි සංගීත්ගෙයි ආදර කතාව පුංචි දෙදරීමකට ලක්වෙලා කියලා ආරංචි වෙනවා.

ඒ නිසා මේ වෙනකොට දෙන්නා වෙනම ගෙවල් දෙකක ජීවත් වෙනවා කියලා තමයි දැන ගන්න ලැබෙන්නේ.

පහුගිය දවස් කිහිපයේම තම ෆේස්බුක් ගිණුම හරහා උදාරි තැබූ සටහන් ගැන ඇගේ රසිකයන්ගේ කතාබහට ලක්වෙලා තිබුණා.

මේ ඇය ෆේස්බුක් දාපු එක් සටහනක්.

”පනටත් වඩා ඔබ ආදරේ කරන අය ඔබව හැර යාවි…
කරන්නට තියා හිතන්නටවත් නොහැකි බොරු වැරදි ඔබේ කර පිටින් යාවි…
අවංකකම අහිංසකකම සත්‍යවාදිබව හැම තැනකදීම ඔබව දුර්වල කරාවි…
බහුතරය වැරදි කරන ලෝකයේ ඔබව පහත හෙළිය හැකි පුංචි අවස්ථාවේදී ඔවුන් සියල්ලෝ එක්වී ඔබව බිමට ඇද දමාවි…
මීටත් වඩා අනන්ත අප්‍රමාණ බාධා ඔබ විඩාවට පත් කරාවි…
නමුත්…
විශ්වාස කරන්න ඔබ නිවැරදි නම් ඒ කිසිවක් ඔබ අදාළ කරගත යුතු නැති බව!
විශ්වාස කරන්න ඔබට මේ ලෝකේ වෙනත් තැනක නැවත අලුතින් පටන් ගත හැකි බව!
විශ්වාස කරන්න ඔබව ඔබ ලෙසින් බාරගන්නට කවුරුන් හෝ මෙලොව ජිවත් වන බව!
මතක තබා ගන්න,
ජීවිතය යනු ප්‍රශ්න හමුවේ සදහටම නිසොල්මන් වීම නොව… ප්‍රශ්න වලට උත්තර හොයමින් හුස්ම ගැනීමයි!
දිනෙක ඔබේ වටිනාකම ඔබටම දැනේවි ඒ වෙනකන් ජීවිත බර දරාගන්න ”

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *