දසුන් දිවි නසා ගත් හේතුව හෙළිවෙයි -මරණයට පෙර ලිපියක්‌ ලියලා

Share Button

“මගේ මරණයට කවුරුත් වගකියන්න ඕනෙ නැහැ. මගේ හිතේ තියන ආතතිය නිසා මම මේ දේ කරගන්නවා” යනුවෙන් ජනප්‍රිය රංගන ශිල්පී දසුන් නිශාන්ත ද සිල්වා (29) සිය දිවි හානි කර ගැනීමට පෙර ලියා තැබූ ලිපියේ සඳහන්ව තිබූ බව පිළියන්දල පොලිසිය පවසයි.

දසුන් ලියන ලද ලිපියේ අත්අකුරු ද ඔහුගේ මව විසින් හඳුනාගත් බව පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සාරානාත් සමරකෝන් මහතා ඊයේ (26 ) පැවසීය.

එමෙන්ම ඔහු දිවි නසාගන්නා අවස්‌ථාව තම ජංගම දුරකථනය මගින් පටිගත කර තිබියදී හමුවූ බව ද පොලිසිය කියයි.

“කවුරුන්ද නුඹ මගේ”, “තිමිර ගිර”, “පැහැසරා” ඇතුළු ටෙලිනාට්‍ය 13 කට රංගනයෙන් දායක වී ඇති ඔහු ජනප්‍රිය ගීත රැසක වීඩියෝ දර්ශන සඳහා ද දායකත්වය දක්‌වා ඇත.

දසුන් පන්නිපිටිය පැලැන්වත්ත පිහිටි බෝඩිමේදී ගෙල වැලලාගෙන තිබුණේ පෙරේදා (25 වැනිදා) උදෑසනය.

මේ පිළිබඳව පිළියන්දල පොලිස්‌ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‍ෂක සාරානාත් සමරකෝන් මහතාගේ උපදෙස්‌ මත සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක උපුල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන් නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *