මහජන බැංකුව සිය ඩිජිටල්කරණ වැඩසටහන සමඟින් ඉදිරියටම

Share Button

පුරා පනස් හය වසරක් මුළුල්ලේ මහජන බැංකුව සිය ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා නිසි පරිදි හඳුනා ගනිමින් එම අවශ්‍යතා මැනවින් සපුරාලන සුවිශේෂි විසඳුම් ලබා දීමට සමත් විය. එමෙන්ම බැංකුකරණයේ සාම්ප‍්‍රදායික සීමාමායිම් ඉක්මවා යමින් නිරන්තරයෙන් දියුණුවන ලෝකය සමඟ පෙරට ගමන් කිරීමට බැංකුව කටයුතු කළේය.

මෙම උත්සාහයේ තවත් පියවරක් ලෙස 2015 වසරේදී සිය ගමන්මගේ ඓතිහාසික සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ‍්‍රී ලංකාවේ වඩාත්ම ඩිජිටල්කරණය වූ බැංකුව බවට පත්වීම සඳහා සුවිශේෂී ගමනකට පළමු පියවර තැබීමට මහජන බැංකුව කටයුතු කළේ ය.

සිය ගනුදෙනුකරුවන් මෙන්ම රටේ කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් වඩාත් පුළුල් සේවාවක් සැපයීම මෙහි එක් ප‍්‍රධාන ඉලක්කයකි.එමෙන්ම මෙම වැඩසටහන ඔස්සේ මහජන බැංකුවට ජාත්‍යන්තර බැංකු හා මූල්‍ය සේවා ක්ෂේත‍්‍රයේ පරිණාමයට සමගාමීව ඉහළ තලයේ සේවාවන් සැලසීමේ හැකියාව සැලසේ.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *