නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ හමුවක්

Share Button

නව ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ලෙස රාජකාරී ආරම්භ කිරීමෙන් අනතුරුව අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා පළමුවරට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා ඊයේ ( 12) පස්වරුවේ ආරක්ෂක අමාත්‍යාංශයේදී මුණගැසිනි.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අතර එහිදී සුහද සාකච්ඡාවක් පැවති අතර, රටේ වත්මන් ආරක්ෂක තත්වය හා සාගරික ආරක්ෂාව පිළිබඳ වැදගත් කරුණු රැසක් පිළිබඳව මෙහිදී අවධානය යොමුකෙරිණි.

සාකච්ඡාවෙන් අනතුරුව නව ධූරයට පත්වූ අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාට සුභපැතුම් එක්කල ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරයේ රාජකාරි හොඳින් ඉටුකරගෙන යාමට ඒ මහතාට සුභ පැතීය.

නිළ හමුවෙන් අනතුරුව ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා වෙත සමරු සිහිවටනයක් ප්‍රදානය කළේය. 

 

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *