අසේලට පාකිස්තාන ටෙස්ට් තරගාවලියත් අහිමි වෙයි

Share Button

ගාල්ලේදී ඉන්දියාව හා පැවැති පළමු ටෙස්ට් තරගයේ පළමු දිනයේදී අබාධයකට ලක්වූ තුන් ඉරියව් ක්‍රීඩක අසේල ගුණරත්නට පාකිස්තානය හා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියද අහිමි වෙනු ඇතැයි වාර්තා වෙයි.

වම් අතේ මාපටගිල්ල බිඳීමකට ලක්වීමෙන් අසේල ආබාධයට ලක්වූ අතර එම ආබාධයෙන් සුවය ලබා නොතිබීම හේතුවෙන් ඔහුට තරගාවලිය අහිමිවෙනු ඇත.

ඉන්දීය කණ්ඩායම හා ඊයේ (03) පැවැති පස්වැනි එක්දින තරගයෙන් අනතුරුව පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ සීමිත පන්දුවාර නායක උපුල් තරංගද මේ බව තහවුරු කළේය.

“ මම හිතන්නේ නෑ ඔහුට පාකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට ක්‍රීඩා කළ හැකි වේවි කියා. ඔහු එක්දින තරගාවලියට ක්‍රීඩා කරාවි” යැයි උපුල් තරංග පැවැසීය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *