කේට් කුමරිය තෙවැනි දරුවෙකු ලබන්නට සූදානමින්

Share Button

බ්‍රිතාන්‍ය රජ පවුලට තවත් අලුත් සාමාජිකයෙකනු එකතුවනු ඇති බවට පසුගිය දිනවල පැතිරුණ කටකතා සනාථ කරමින් අද (4) දහවල් කේට් කුමරිය තෙවැනි දරුවෙකු ලබන්නට සූදානමින් පසුවන බවට බ්‍රිතාන්‍ය රජ මාලිගය නිල නිවේදනයක් නිකුත් කර තිබේ.

“Their Royal Highnesses The Duke and Duchess of Cambridge are very pleased to announced that The Duchess of Cambridge is expecting their third child.The Queen and members of both families are delighted with the news“ යනුවෙන් එහි සටහන් විය.
විළියම් කේට් යුවළට මේ වනවිට ජෝර්ජ් හා චාර්ලට් නමින් පුතෙකු හා දියණියක සිටී.

අද උදෑසන ලන්ඩනයේ හොනසි පාරේ ළමා මධ්‍යස්ථානයක රාජකීයයන් සම්බන්ධ වීමට තිබුණ උත්සවයක් අවලංගුවී තිබුණ අතර එයට හේතුවූයේ කේට් කුමරියට ක්ලාන්තවීමේ තත්වයක් නිසා බවට වාර්තා පළවීමෙන් පසු මෙම නිවේදනය නිකුත් විය.

Share Button

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *